05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.1 :- සාර්ව ආර්ථික අරමුණු සාර්ව ආර්ථික ගැටලූ සහ සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විමසයි.
අපේක්ෂිත ඉගෙනුම් පල :-
- සාර්ව ආර්ථික අරමුණු සහ සාර්ව ආර්ථික විචල්‍ය නම් කරයි.
- සාර්ව ආර්ථික ගැටලූ විස්තර කරයි.
- ව්‍යාපාර චක‍්‍රය හඳුන්වයි.
- ව්‍යාපාර චක‍්‍රයක විවිධ අදියර හඳුන්වයි.
- ව්‍යාපාර චක‍්‍ර ඇසුරෙන් ආර්ථික උච්චාවචන පැහැදිලි කරයි.
- සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විස්තර කරයි.
· සමාජයක් විසින් සමස්ත ආර්ථික ක‍්‍රියාකාරිත්වය තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන
විවිධ අරමුණු සාර්ව ආර්ථික අරමුණු වශයෙන් හැඳින්වේ.
· සාර්ව ආර්ථික අරමුණු පහත සඳහන් පරිදි දැක්විය හැකි ය
· පූර්ණ සේවා නියුක්තිය
· ආර්ථික ස්ථායිතාව
· සාධාරණත්වය
· ආර්ථික වර්ධනය
· තිරසර සංවර්ධනය
· සමස්ත ආර්ථිකයේ ක‍්‍රියාකාරිත්වයට බලපෑම් කරන මූලික විචල්‍යන් සාර්ව ආර්ථික විචල්‍යන්වේ.
· සාර්ව ආර්ථික විචල්‍යයන් සදහා නිදසුන් පහත පරිදි දැක්විය හැකි යx
· සමස්ත නිමවුම
· සේවා නියුක්තිය
· පොදු මිල මට්ටම
· විනිමය අනුපාතිකය
· පොළී අනුපාතිකය
· ගෙවුම් ශේෂය
· සේවා නියුක්තිය
· සාර්ව ආර්ථික විචල්‍යයන් අපේක්ෂිත මට්ටමට ළඟා නොවන අවස්ථාවල දී එනම් අනපේක්ෂිත සාර්ව ආර්ථික උච්චාවචනයන් ඇති වන විට දී සාර්ව ආර්ථික ගැටලූ ඇතිවේ.
· සාර්ව ආර්ථික ගැටලූ සඳහා නිදසුන් පහත පරිදි දැක්විය හැකි ය.
· ආර්ථික පසුබැසීම් හා ආර්ථික ප‍්‍රසාරණය
· සේවා වියුක්තිය
· උද්ධමනය
· ආර්ථික පසුබැසීම යනු කෙටි කාලීන (කාර්තු දෙකකට වඩා අඩු කාලයක දී සිදු වන )
තත්ත්වයකි. ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා සමස්ත ඉල්ලූම අඩු වී නිෂ්පාදනය අඩු වීම
මගින් ආර්ථික පසුබැසීම ඇති වේ. ආර්ථික පසුබැසීම තුළින් සේවා වියුක්තිය ඉහළ යයි.
නිෂ්පාදන හැකියා මායිම් වක‍්‍රයේ ලක්ෂ්‍යයයකින් ඇතුළට විතැන් වීමක් මගින් ආර්ථික පසුබැසීම පෙන්නුම් කළ හැකි ය.
· ආර්ථික ප‍්‍රසාරණයේ දී ආර්ථිකයේ භාණ්ඩ හා සේවා සඳහා සමස්ත ඉල්ලූම වැඩි වී සමස්ත නිමවුම ඉහළ යාම සිදු වේ.
· ආර්ථිකයේ සමස්ත නිෂ්පාදන සාධක ඵලදායී ආකාරයෙන් නිෂ්පාදනය සදහා උපරිම ලෙස
භාවිත නොකිරීම සේවා වියුක්තියයි.
· ආර්ථිකයක පොදු මිල මට්ටමෙහි අඛණ්ඩ ඉහළ යාම උද්ධමනය වශයෙන් හ`දුන්වයි.
· සාර්ව ආර්ථික උච්චාවචන ව්‍යාපාර චක‍්‍රය ආශ‍්‍රයෙන් පෙන්නුම් කළ හැකි ය.
· එසේ ම සාර්ව ආර්ථිකයේ කෙටි කාලීන හා දිගු කාලීන හැසිරීම්වල සම්බන්ධතාව අවබෝධ කර ගැනීමට ද ව්‍යාපාර චක‍්‍ර උපයෝගී කරගත හැකි ය.
· කාලයත් සමඟ ආර්ථිකයේ මූර්ත දළ දේශීය නිෂ්පාදනයේ චක‍්‍රීය හැසිරීම ව්‍යාපාර චක‍්‍ර ලෙස
හඳුන්වයි.
· ව්‍යාපාර චක‍්‍රයක අවධි 04ක් හඳුනාගත හැකි ය.
· පසුබැසීමේ අවධිය
· පතුල
· ප‍්‍රසාරණ අවධිය
· මුදුනත
· සැබෑ නිමවුමෙන් සමස්ත ආර්ථිකයේ කෙටි කාලීන හැසිරීම පෙන්නුම් කරන අතර විභව නිමවුමෙන් සමස්ත ආර්ථිකයේ දිගු කාලීන හැසිරීම පෙන්නුම් කරයි.
· විභව නිමවුම යනු ආර්ථිකයක සම්පත් පූර්ණ හා උපරිම කාර්යක්ෂමතාවයෙන් උපයෝජනය කළ විට උද්ධමන පීඩනයකින් තොරව ලබා ගත හැකි උපරිම වූත් තිරසර වූත් නිමවුම් මට්ටම යි.
· කාලයත් සමඟ විභව නිමවුම වටා සැබෑ නිමවුම දෝලනය වේ.
· විභව නිමවුමට පහළ සත්‍ය නිමවුමේ පහළ ම අවස්ථාව පතුල හා විභව නිමවුමට ඉහළ සැබෑ නිමවුමේ ඉහළ ම අවස්ථාව මුදුනත වේ.
· පතුලේ සිට මුදුනත දක්වා ගමන් කරන අවධිය නිමවුමේ ප‍්‍රසාරණ අවධිය වේ.
· මුදුනත සිට පතුල දක්වා ගමන් කරන අවධිය නිමවුමේ පසුබැසීමේ අවධිය වේ.
· ප‍්‍රසාරණ අවධිය පසුබැසීමේ අවධියට වඩා දීර්ඝ වේ.
· ව්‍යාපාර චක‍්‍රයක එක් මුදුනක සිට තවත් මුදුනකට ඇති දුර ව්‍යාපාර චක‍්‍රයක කාලය වේ.
· එකම ව්‍යාපාර චක‍්‍රයක මුදුනත් අතර දිග එකිනෙකට වෙනස් වේ.
· ව්‍යාපාර චක‍්‍රයක දිගු කාලීන උපනති තත්ත්වයක් ද විභව නිමවුම් මට්ටමෙහි පෙන්නුම් කරයි. විභව නිමවුම් රේඛාවෙන් පෙන්නුම් කරනුයේ දිගු කාලීන ආර්ථික වෘද්ධියේ හැසිරීම යි.
· විභව නිමවුම් මට්ටම හා සැබෑ නිමවුම් මට්ටම් අතර වෙනස නිමවුම් පරතරය යි.
· සාර්ව ආර්ථික ස්ථායිතාව කරා ළඟා වීමට නිමවුම් පරතරය අවම කර ගැනීම වැදගත් වේ.
· සාර්ව ආර්ථික අරමුණු කරා ආර්ථිකය මෙහෙයවීමට ගනු ලබන ක‍්‍රියාමාර්ග සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති ලෙස හැඳින්වේ.
· සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති පහත දැක්වේ.
· මූල්‍ය ප‍්‍රතිපත්ති
· පිස්කල් නැතහොත් රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්ති
· සැපයුම් ප‍්‍රවර්ධන ප‍්‍රතිපත්ති
· ආදායම් ප‍්‍රතිපත්ති
· සෘජු පාලන ප‍්‍රතිපත්ති
· විදේශ වෙළෙඳ ප‍්‍රතිපත්ති
· එම ප‍්‍රතිපත්තිවලින් කිහිපයක් පහත පරිදි පැහැදිලි කළ හැකි ය.
· මූල්‍ය ප‍්‍රතිපත්තිය මගින් සිදු කරනුයේ මුදල් සැපයුමට හා පොළී අනුපාතයට බලපෑම් කිරීම යි. මුදල් සැපයුම හා පොළී අනුපාතය වෙනස් කිරීම මගින් නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරිම්, ආයෝජන, මිල මට්ටම, ආදි විචල්‍යවලට බලපෑම් කළ හැකි ය. මූල්‍ය ප‍්‍රතිපත්ති සඳහා භාවිත කරන උපකරණ වනුයේ,
· මහ බැංකු පොළී අනුපාතිකය
· ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය
· විවට වෙළෙඳපොළ කටයුතු වේ.
· මූල්‍ය ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කෙරනුයේ මහ බැංකුව විසිනි.
· රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපත්තිය යනුවෙන් හඳුන්වන්නේ පිස්කල් ප‍්‍රතිපත්තිය යි. රාජ්‍ය ආදායම හා රාජ්‍ය වියදම වෙනස් කිරීම මගින්සාර්ව ආර්ථික විචල්‍යයන්ට බලපෑම් කිරීම මගින් සාර්ව ආර්ථික අරමුණු කරා ළඟා විය හැකි ය. මෙම පිස්කල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරිමේ ප‍්‍රධාන උපකරණ වනුයේ,
§ රාජ්‍ය වියදම්
§ රාජ්‍ය බදු
§ රාජ්‍ය ණය යි
Comments
Post a Comment