Skip to main content
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.5 :- ආදායම් ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදනය ඇස්තමේන්තු කරන ආකාරය ආශ‍්‍රිත සංකල්ප විමසයි.
ඉගෙනුම් පල :-
දේශීය ආදායම් මූලාශ‍්‍රය විස්තර කරයි.
ශී‍්‍ර ලංකාවේ දළ දේශීය ආදායම් සංරචක දක්වයි.
ආදායම් ප‍්‍රවේශය ආශි‍්‍රත සංකල්ප විස්තර කරයි.
විෂය කරුණු:-
· නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී එයට දායක වූ සියලූ ම නිෂ්පාදන සාධක ඉපයීම් එකතුකළ විට, ආදායම් ප‍්‍රවේශය යටතේ දේශීය ආදායම තක්සේරු කළ හැකි ය.
· සාධක ආදායම් ප‍්‍රධාන මූලාශ‍්‍ර5ක් යටතේ වර්ග කළ හැකි අතර එය පහත දැක්වේ.
සේවා නියුක්තිකයන්ගේ ආදායම්
බදු කුලී ආදායම්
ශුද්ධ පොළී ආදායම්
සමාගම් ලාභ
ස්වයං සේවා නියුක්ති ආදායම් / මිශ‍්‍ර ආදායම්
· සේවා නියුක්ති ආදායම් වශයෙන් සලකනු ලබන්නේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රමය සැපයිම වෙනුවෙන් ලබන ඉපයීම් වේ. මෙම ඉපයීම් ප‍්‍රධාන කොටස් 3ක්යටතේ වර්ග කළ හැකි ය.
වැටුප් / වේතන
සමාජ සංරක්ෂණ ක‍්‍රම සඳහා සේවා යෝජකයන් කරන ගෙවීම්
සේවා නියුක්තිකයන්ට ලැබෙන රක්ෂණ සේවා, සෞඛ්‍ය පහසුකම් , ආපදා දීමනා, කම්කරු වන්දි
· බදු කුලී ආදායම් ලෙස සලකනුයේ, ප‍්‍රධාන වශයෙන් මූර්ත දේපළ හා ස්වාභාවික සම්පත් කුලියට දීමෙන් උපයනු ලබන කුලී ආදායම් බව පැහැදිලි කළ හැකි ය.
බදු කුලී ආදායම පහත සඳහන් මූලාශ‍්‍රයවලින් සමන්විත වේ.
නිශ්චල දේපළ හා ස්වාභාවික සම්පත් කුලියට දීමෙන් උපයන ලද කුලීආදායම
කුලී නිවාස සඳහා ලැබෙන බදු කුලී සහ අයිතිකරු පදිංචි ව සිටින
නිවාස සඳහා ආරෝපිත බදු කුලිය
බුද්ධිමය දේපොළ සඳහා ලබන ආදායම්
· පොළී ආදායම යනු ව්‍යාපාරික අංශය විසින් මූල්‍ය ප‍්‍රාග්ධනය භාවිත කිරීම වෙනුවෙන් මූල්‍ය ප‍්‍රාග්ධනය සැපයුම් කළ අය වෙත කරනු ලබන ගෙවීම් කොටසකි.
· සමාගම් වශයෙන් ලියාපදිංචි කොට ඇති ව්‍යාපාරික ආයතනවල හිමිකරුවන්විසින් උපයනු ලබන ලාභ, සමාගමික ලාභ වශයෙන් හªන්වයි.
· ලාභ හා ව්‍යාවසායකත්ව ආදායම් පහත සඳහන් මූලාශ‍්‍රයවලින් සමන්විත වේ.
- සමාගම් ආදායම් බදු
- සමාගමික අයිතිකරුවන්ට ගෙවනු ලබන ලාභාංශ
- ව්‍යාපාර සතු රඳවා ගනු ලැබූ හෙවත් නොබෙදු ලාභ
· මුළු ලාභය ජාතික ගිණුම්වලට ඇතුළත් කරයි.
· සමාගම් වශයෙන් ලියාපදිංචි නොවූ කේවල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර. සමූපකාර ව්‍යාපාර, ගොවින් වෙනත් ස්වයං රැකියාවල නිරත විවිධ ශිල්පීන් හා වෘත්තිකයන් ලබන ආදායම් මිශ‍්‍ර ආදායම් වශයෙන් හඳුන්වයි.
· ආර්ථික විද්‍යාත්මක න්‍යායයන් අනුව, දේශීය ආදායම් මූලාශ‍්‍රය ඉහත ආකාරයෙන් වර්ග කර පැහැදිලි කළ හැකි ය.
· සියලූ ම නිෂ්පාදන ක‍්‍රියාකාරකම් නිසා නිෂ්පාදන සාධක විසින් උපයන ආදායම් සංරචකවල මුළු එකතුව දේශීය නිෂ්පාදිතය විසින් බිහිකරන දළ දේශීය ආදායම වේ.
 SNA 2008 නව ජාතික ගිණුම්කරණ ප‍්‍රවේශයට අනුව ශ‍්‍රී ලංකාවේ දළ දේශීය ආදායම් සංරචක වෙනත් ස්වරූපයකින් වර්ග කර ඇත. ඵනම්,
1. සේවක ආදායම්( CE)
2. දළ මෙහෙයුම් අතිරික්තය(OS)
· දළ මෙහෙයුම් අතිරික්තයෙහි ප‍්‍රධාන සංරචක පහත දැක්වේ.
§ ශුද්ධ මෙහෙයුම් අතිරික්තය
§ ස්ථාවර ප‍්‍රාග්ධන පරිභෝජනය
3. මිශ‍්‍ර ආදායම්
4. නිෂ්පාදනය මත වෙනත් බදු
ඉහත සංරචකයන්ගේ එකතුව මූලික මිලට දළ දේශීය නිෂ්පාදිතය වේ.

· වැටුප් හා වේතන, සේවා යෝජකයා විසින් ලබා දෙන සමාජ ආරක්ෂණදායක මුදල්. රෝගී තත්ත්වයක දී, විරැකියා අවස්ථාවක දී හා විශ‍්‍රාම ගන්නා විට සේවා යෝජකයා විසින් සෘජුවම සේවකයාට ලබා දෙන අරමුදල් සේවක ආදායම් වේ.
· මෙහෙයුම් අතිරික්තය ලෙස හඳුන්වන්නේ සමාගමික අංශය ජනනය කරන ආදායම් වේ. ( මෙය සමන්විත වන්නේ පොලිය, බදු කුලිය හා දළ ලාභයෙනි.)
· දළ මෙහෙයුම් අතිරික්තය යනු නිෂ්පාදනයේ වටිනාකමින් සියලූ ම පිරිවැය හා ශුද්ධ නිෂ්පාදන බදු ඉවත් කළ විට ලැබෙන ශේෂයයි.
· දළ මෙහෙයුම් අතිරික්තය සමන්විත වන්නේ පොලිය, බදු කුලිය හා දළ ලාභය යන දේපළ ආදායම් සංරචක වලිනි.
· දළ මෙහෙයුම් අතිරික්තයෙන් ප‍්‍රාග්ධන පරිභෝජනය අඩු කළ විට ශුද්ධ මෙහෙයුම් අතිරික්තය ලැබේ.
· මිශ‍්‍ර ආදායම් ලෙස සැලකනුයේ, ගෘහ ඒකක විසින් හිමිකරගෙන සිටින හෝ හවුල්ව්‍යාපාර වශයෙන් පවත්වනු ලබන හෝ සමාගමික නොවන ව්‍යවසායකයන්ජනනය කරන ආදායම් වේ.
· මිශ‍්‍ර ආදායම් ගණනය කරනුයේ ගෘහ ඒකකවලින් පවත්වාගනු ලබන මෙවැනි ව්‍යවසායන්ගේ ඉපයීම්වලින් අතරමැදි පරිභෝජනය, සියලූ ම ශුද්ධ බදු, හා වැටුප් ලබන සේවකයන්ගේ ගෙවීම් අඩු කිරීමෙනි.
· ස්ථාවර ප‍්‍රාග්ධන පරිභෝජනය යනු නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී ප‍්‍රාග්ධන වත්කම් ප‍්‍රතිසම්පාදනය සඳහා දරන වියදම් වේ. ( ක්‍ෂය වීම් )
· නිෂ්පාදනය මත වෙනත් බදු යනු රජය විසින් සපයන පරිපාලන සේවා හෝ පොදු දේපළ හෝ වෙනුවෙන් අය කරනු ලබන බදු අය කිරීම් ය. ( රජයේ නිෂ්පාදන ක‍්‍රියාවලියට නීති රීති පැනවීම, නිෂ්පාදන ක‍්‍රියාවලියට පහසුකම් හා පරිපාලන අවශ්‍යතා සැපයීම )
· වෙළෙඳපොළ මිලට දළ දේශීය නිෂ්පාදනය යනු මූලික මිලට ගණනය කළ දළ දේශීය නිෂ්පාදනයට නිෂ්පාදිතය හා ආනයන මත ශුද්ධ බදු ගැළපීමෙන්ලැබෙන අගය වේ.
· ආදායම් ප‍්‍රවේශය ආශ‍්‍රිත සංකල්ප කිහිපයක් පහත දැක්වේ.
  • ප‍්‍රාථමික ආදායම
  • දළ දේශීය ආදායම් සහ ශුද්ධ දේශීය ආදායම
  • දළ ජාතික ආදායම හා ශුද්ධ ජාතික ආදායම
  • වැය කළ හැකි ජාතික ආදායම
  • කුටුම්බ ආදායම / පෞද්ගලික ආදායම
  • වැය කළ හැකි කුටුම්බ ආදායම
  • මූර්ත ජාතික ආදායම


· යම්කිසි කාලපරිච්ඡේදයක ආර්ථිකයේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සහභාගි වන්නන්ගේ සියලූ නිෂ්පාදන සාධකවලට ලැබෙන ආදායම්වලට ස්ථාවර ප‍්‍රාග්ධන පරිභෝජනය ඵකතු කිරීමෙන් දළ දේශීය ආදායම ලැබේ.
· දළ දේශීය ආදායම තුළින් ස්ථාවර ප‍්‍රාග්ධන පරිභොජනය ඉවත් කළ විට ශුද්ධ දේශීය ආදායම් අගය ලැබේ.
· දළ ජාතික ආදායම ලෙස හඳුන්වන්නේ දළ දේශීය ආදායමට ශුද්ධ විදේශීය ප‍්‍රාථමික ආදායම් ගැළපූ විට ලැබෙන අගය යි.
· ශුද්ධ ජාතික ආදායම යනු දළ ජාතික ආදායමෙන් ස්ථාවර ප‍්‍රාග්ධන පරිභෝජනය ඉවත් කළ විට ලැබෙන අගය වේ.
· වැය කළ හැකි දළ ජාතික ආදායම යනු දළ ජාතික ආදායමට ශුද්ධ විදේශ ජංගම ( විදේශ ද්විතීක ආදායම් ලැබීම් - විදේශ ද්විතීක ආදායම් ගෙවීම් )සංක‍්‍රාම ගැළපූ විට ලැබෙන අගය යි.
· කුටුම්බ ආදායම යනු, ( පෞද්ගලික ආදායම) ජාතික ආදායමෙන් කුටුම්බ වෙත නොලැබෙන ආදායම් ඉවත් කර, ජාතික ආදායමට ඇතුළත් නොවූ කුටුම්බ වෙත ලැබෙන ආදායම් එකතු කිරිමෙන් ලැබෙන අගය යි.
· ශුද්ධ විදේශ ජංගම සංක‍්‍රාම (ශුද්ධ විදේශ ද්විතීයක ආදායම්)
· කුටුම්බ වෙත නොලැබෙන ආදායම්
- ප‍්‍රාග්ධන පරිභෝජනය
- නොබෙදූ සමාගමික ලාභ
- සමාගමික බදු
- සමාජ සංරක්ෂණ දායක මුදල්
- රජයේ දේපොළ ආදායම්
· ජාතික ආදායමේ ඇතුළත් නොවූ කුටුම්බ වෙත ලැබෙන ආදායම්
- ශුද්ධ විදේශ පෞද්ගලික ද්විතීක ආදායම්
- විශ‍්‍රාම වැටුප්
- රාජ්‍ය ණය සඳහා කුටුම්බවලට ලැබෙන පොළී
- කුටුම්බවලට ලැබෙන වෙනත් සහනාධාර
· වැය කළ හැකි කුටුම්බ ආදායම යනු කුටුම්බ ආදායම තුළින් පෞද්ගලික ආදායම් බදු (සෘජු බදු) අඩු කළ පසු ලැබෙන අගය වේ.
· මූර්ත ජාතික ආදායම යනු ස්ථාවර මිලට දළ ජාතික ආදායමට විදේශ වෙළෙඳාම යටතේ අපනයනවල ක‍්‍රය ශක්තියට සිදු වූ බලපෑම ගැළපූ විට ලැබෙන අගය වේ.
· මූර්ත ජාතික ආදායම පහත පරිදි ගණනය කළ හැකි ය.


Comments

Popular posts from this blog

05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.1 :- සාර්ව ආර්ථික අරමුණු සාර්ව ආර්ථික ගැටලූ සහ සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විමසයි. අපේක්ෂිත ඉගෙනුම් පල :- සාර්ව ආර්ථික අරමුණු සහ සාර්ව ආර්ථික විචල්‍ය නම් කරයි. සාර්ව ආර්ථික ගැටලූ විස්තර කරයි. ව්‍යාපාර චක‍්‍රය හඳුන්වයි. ව්‍යාපාර චක‍්‍රයක විවිධ අදියර හඳුන්වයි. ව්‍යාපාර චක‍්‍ර ඇසුරෙන් ආර්ථික උච්චාවචන පැහැදිලි කරයි. සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විස්තර කරයි. · සමාජයක් විසින් සමස්ත ආර්ථික ක‍්‍රියාකාරිත්වය තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු සාර්ව ආර්ථික අරමුණු වශයෙන් හැඳින්වේ. · සාර්ව ආර්ථික අරමුණු පහත සඳහන් පරිදි දැක්විය හැකි ය · පූර්ණ සේවා නියුක්තිය · ආර්ථික ස්ථායිතාව · සාධාරණත්වය · ආර්ථික වර්ධනය · තිරසර සංවර්ධනය · සමස්ත ආර්ථිකයේ ක‍්‍රියාකාරිත්වයට බලපෑම් කරන මූලික විචල්‍යන් සාර්ව ආර්ථික විචල්‍යන්වේ. · සාර්ව ආර්ථික විචල්‍යයන් සදහා නිදසුන් පහත පරිදි දැක්විය හැකි යx · සමස්ත නිමවුම · සේවා නියුක්තිය · පොදු මිල මට්ටම · විනිමය අනුපාතිකය · පො...
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.4 :- නිෂ්පාදන ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ඒ ආශ‍්‍රිත සංකල්ප විග‍්‍රහ කරයි. අපේක්ෂිත ඉගෙනුම් පල :- · නිෂ්පාදන ඉම පැහැදිලි කරයි. · නිෂ්පාදන ඉම තුළ ඇතුළත් කළ යුතු හා බැහැර කළ යුතු අයිතම පැහැදිලිකරයි. · ශ‍්‍රි ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතු ආශ‍්‍රයයෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් හදුන්වයි. · ආයතනික අංශ අනුව ආර්ථික ක‍්‍රියාකාරකම් වල සංයුතිය විස්තර කරයි. · වටිනාකම් තක්සේරු කිරිමේ විවිධ මිල ගණන් නම් කරයි. · මූලික මිල, නිෂ්පාදකයාගේ මිල හා ගැනුම්කරුගේ මිල යන සංකල්ප නිදසුන්ආශ‍්‍රයයෙන් විස්තර කරයි. · වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය සහ දළ ජාතික ආදායම යන සංකල්ප විස්තර කරයි. · ශ‍්‍රි ලංකාවේ කර්මාන්ත ශාලා නිෂ්පාදිත දර්ශකයේ සංයුතිය දක්වයි. · නිමවුම් ප‍්‍රවේශය ආශ‍්‍රිත සංකල්ප පැහැදිලි කරයි. විෂය කරුණු :- · නිෂ්පාදන ඉම( Production boundary) සංකල්පය භාවිත කරනුයේ ආර්ථික නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සහ ආර්ථික නොවන නිෂ්පාදන ක‍්‍රියාකාරකම් වෙන්කර අර්ථ ...