05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.4 :- නිෂ්පාදන ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ඒ ආශ‍්‍රිත සංකල්ප විග‍්‍රහ කරයි.
අපේක්ෂිත ඉගෙනුම් පල :-
· නිෂ්පාදන ඉම පැහැදිලි කරයි.
· නිෂ්පාදන ඉම තුළ ඇතුළත් කළ යුතු හා බැහැර කළ යුතු අයිතම පැහැදිලිකරයි.
· ශ‍්‍රි ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතු ආශ‍්‍රයයෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් හදුන්වයි.
· ආයතනික අංශ අනුව ආර්ථික ක‍්‍රියාකාරකම් වල සංයුතිය විස්තර කරයි.
· වටිනාකම් තක්සේරු කිරිමේ විවිධ මිල ගණන් නම් කරයි.
· මූලික මිල, නිෂ්පාදකයාගේ මිල හා ගැනුම්කරුගේ මිල යන සංකල්ප නිදසුන්ආශ‍්‍රයයෙන් විස්තර කරයි.
· වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය සහ දළ ජාතික ආදායම යන සංකල්ප විස්තර කරයි.
· ශ‍්‍රි ලංකාවේ කර්මාන්ත ශාලා නිෂ්පාදිත දර්ශකයේ සංයුතිය දක්වයි.
· නිමවුම් ප‍්‍රවේශය ආශ‍්‍රිත සංකල්ප පැහැදිලි කරයි.
විෂය කරුණු :-
· නිෂ්පාදන ඉම( Production boundary) සංකල්පය භාවිත කරනුයේ ආර්ථික නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සහ ආර්ථික නොවන නිෂ්පාදන ක‍්‍රියාකාරකම් වෙන්කර අර්ථ දැක්වීමට යි. SNA – 2008 හි නිෂ්පාදන ඉම ඉතා පැහැදිලි ව විස්තර කරයි.
· නිෂ්පාදන ඉම අර්ථකථනය සඳහා පවත්නා ආර්ථිකය තුළ ඔවුන් ඉටු කරන ප‍්‍රධාන නිමැවුම අනුව නිෂ්පාදකයන් කොටස් තුනකට වර්ග කළ හැකි වේ.
· වෙළෙඳපොළ අරමුණු කොටගත් නිෂ්පාදකයන් (Market Producer)
· වෙළෙඳපල අරමුණු කොට නොගත් වෙනත් නිෂ්පාදකයන් (NPISHS)
· ගෘහ ආර්ථික ඒකක කටයුතු අයත් නිෂ්පාදකයන්
ජාතික ගිණුම්කරණයේ දී නිෂ්පාදනයේ ඉම තුළට ඇතුළත් කළ යුතු නිෂ්පාදන ක‍්‍රියාකාරකම් පහත දැක්වේ.
· වෙළෙඳපොළේ විකිණෙන සියලූම භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදන ඉමට ඇතුළත්වේ.
· නිෂ්පාදනය කළ ආයතනය හැර සෙසු ආයතනික ඒකක සඳහා නිෂ්පාදනය කරන ලද සියලූම භාණ්ඩ හා සේවා
· තමන්ගේ ම අවසාන පරිභෝජනය සඳහා හෝ ප‍්‍රාග්ධන සම්පාදනය සඳහා හෝනිෂ්පාදනය කොට ඒවායේ නිෂ්පාදකයන් විසින් තමන් වෙත රඳවා ගන්නා ලද සියලුම භාණ්ඩ
· තමන් සතු ව ඇති තමන් පදිංචි වී සිටින නිවාසවලින් ලබා දෙන නේවාසික සේවය
· වැටුප් ලබන සේවකයන් විසින් ඉටු කරනු ලබන ගෘහ සේවා සහ පෞද්ගලික සේවා
· තමන්ගේ ම පරිභෝජනය සඳහා කෘෂි භෝග නිෂ්පාදනය , ඒවා ගබඩා කොට තබා ගැනීම, වනාන්තරවලින් ආහාර භෝග ලබාගැනීම හා පලතුරු රැස් කර ගැනීම, දර කැපීම සහ එකතු කිරීම, දඩයම් කිරීම සහ මසුන් අල්ලා ගැනීම.
· කෘෂි නිෂ්පාදන සැකසීම, වී කොටා සහල් සකසා ගැනීම, පිටි කොටා ගැනීම, මස්මාළු කල් තබා ගැනීම සඳහා පිළියෙළ කිරීම, පලතුරු බෝතල් කිරීම හා වියලා ගැනීම, කිරි මුදවා ගැනීම, කූඩ සහ පන් මලූ විවිම, පැදුරු වීවීම ආදිය
· රෙදි විවිම, ඇඳුම් මසා ගැනීම, ගොතන ලද ඇඳුම් සහ තොප්පි, ගෘහ භාණ්ඩ තනා ගැනීම.
· ජලය සපයා ගැනීම ( කුඩා ඇළවල්, දිය ඇලි මගින්, ජලය සපයා ගැනීම සඳහා කුඩා ව්‍යාපෘති සැකසීම )
· මෙලෙස ගෘහ ඒකකය තුළ සිදුවන භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් නිෂ්පාදන ඉමට ඇතුළත් කළ ද ගෘහ ඒකකයේ සාමාජිකයා විසින් තමන්ගේ ම පෞද්ගලික පරිභෝජනය සඳහා ඉටු කරනු ලබන සේවා ආර්ථික නිෂ්පාදන ක‍්‍රියාවන් ලෙස නොසැලකයි.
නිදසුන් :- නිවසේ සාමාජිකයන්ට ආහාර පිසීම
දරුවන් රැකබලා ගැනීම
නිවසේ වියපත් හා ආබාධිතයන් රැකබලා ගැනීම
නිවෙස් අලංකරණ හා පිරිසිදු කිරිම් ආදිය
· කෙසේ වෙතත් මිනිසාගේ මැදිහත් වීමක් සහිත ද නැද්ද යන්න මත නිෂ්පාදන ඉමට ඇතුළත් කිරීම හෝ නොකිරීම සිදුවේ.
· ස්වාභාවික සම්පතක් වුව ද පුද්ගලයෙකුගේ පාලනයට නතුවී නිෂ්පාදනයක් බිහිවන්නේ නම් ඒවා නිෂ්පාදන ඉමට අයත් වේ.
නිදසුන් :- මත්ස්‍ය උද්‍යානයක ඇති කරන මසුන්ගේ බෝ වීම
නමුත් විවෘත ජලාශයක මත්ස්‍ය ගහනය ජනනය වීම නිෂ්පාදන ඉමට ඇතුළත් නොවේ.
· දළ දේශීය නිමැවුම ගණනය කිරීමේ දී නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු ද ඇතුළත් විය යුතු ය.
· නිරීක්ෂණය නොවන ආර්ථික කටයුතු කොටස් දෙකකින් සමන්විත වේ. එනම්
x සැඟැවුණු ආර්ථික කටයුතු
x නීත්‍යනුකූල නොවන ආර්ථික කටයුතු
· සැ`ගැවුණු ආර්ථික ක‍්‍රියාකාරකම් ලෙස සලකනු ලබන්නේ විධිමත් ගණනය කිරීමකට පාත‍්‍ර නොවන නීත්‍යනුකූල ආර්ථික ක‍්‍රියාකාරකම් ය.
· වුවමනාවෙන් ම මෙම ආර්ථික ක‍්‍රියා වසන් කොට තබා ගැනීමට උත්සාහ දැරීමට බලපාන හේතු කීපයකි.
· බදු ගෙවීමෙන් වැළකී සිටීම
· සමාජ ආරක්ෂණ දායක මුදල් ගෙවීමෙන් වැලකී සිටීම
· නීතිමය ප‍්‍රමිතීන් පිළිපැදීමෙන් වැළකී සිටීම
නිදසුන් :- අවම වැටුප් ගෙවීම, උපරිම වැඩ කාලය පිළිබඳ නීති
· මෙලෙස වාර්තා නොතැබීම, තොරතුරු සැපයීම හා නීතිරීති ම`ග හැරීම නිසා සැ`ගවුණු ආර්ථික කටයුතු පිළිබඳ ව දත්ත නොලැබී යාම මෙහි දී දැකිය හැකි ය.
· නීත්‍යානුකූල නොවන ආර්ථික කටයුතු ස්වරූප 2 ක් පවතී.
· නිතියෙන් තහනම් කොට ඇති භාණ්ඩ හා සේවා නිපදවීම සහ බෙදා හැරීම.
නිදසුන් :- මත්පැන්, මත්ද්‍රවය, ගණිකා සේවය, තහනම් භාණ්ඩ ප‍්‍රවාහනය
· ඇතැම් නීත්‍යනුකූල භාණ්ඩ හා සේවා නීත්‍යනුකූල ව ලියාපදිංචිය නොලත්
පුද්ගලයන් විසින් නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම.
නිදසුන් :- ලියාපදිංචිය නොලත් වෛද්‍ය සේවය
· දළ දේශීය නිෂ්පාදිතයට ඇතුළත් නොවන ඵලදායී කටයුතු
· ගෙවීමකින් තොර ව නිවස තුළ ඉටු කරනු ලබන ගෘහ සේවය (නොගෙවූගෘහ සේවා )
· නොමිලේ ලැබෙන ස්වාභාවික සම්පත් ( භූමිය, ජලය, වාතය ආදිය)
· මිනිස් ශ‍්‍රමයකින් තොර ව වර්ධනය වන ස්වාභාවික සම්පත් ( වනාන්තර ආදිය )
· ඉගෙනීම හා විවේකය
· මිල වෙනස් වීම හෝ ස්වාභාවික වර්ධනය හෝ මගින් සම්පත් වල සිදුවන වටිනාකම වෙනස් වීම.
· දේශීය නිමැවුම ගණනය කිරීමේ දී බැහැර කෙරෙන ඵලදායී නොවන ගණුදෙනු
· ඵලදායී නොවන වෙළෙඳපොළ ගනුදෙනු
· සංක‍්‍රාම
· මුදල්මය පත‍්‍රිකා ආශ‍්‍රිත ගනුදෙනු
· පාවිච්චි කළ භාණ්ඩ විකිණීම ආශ‍්‍රිත ගනුදෙනු
· ශ‍්‍රි ලංකාවේ දළ දේශීය නිමැවුම ගණනය කිරීමේ දී විවිධ ආකෘති භාවිත කරයි.
1. කර්මාන්ත මූලය අනුව වර්ගීකරණය
2. ආයතනික අංශ අනුව වර්ගීකරණය
· ශ‍්‍රි ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතුවලට මූලික වශයෙන් ඇතුළත් වන ශීර්ෂයන් පහත දැක්වේ.
1. - කෘෂි කර්මාන්තය, වන වගාව හා ධීවර කර්මාන්තය
2. - පතල් කැණිම්, නිෂ්පාදන කර්මාන්ත විදුලිය හා ජලය නිෂ්පාදන කටයුතු
2. 1 - උප අංශය නිෂ්පාදන කර්මාන්ත
3. - ඉදිකිරීම්
4. - වෙළෙඳාම ප‍්‍රවාහන සේවා, නවාතැන් සැපයීම හා ආහාරපාන සැපයීම
5. - තොරතුරු හා සන්නිවේදන කටයුතු පිළිබඳ සේවා
6. - මූල්‍ය හා රක්‍ෂණ සේවා
7. - නිවාස අයිතිය හා දේපොළ වෙළෙඳාම
8. - වෘත්තීය විද්‍යාත්මක තාක්ෂණික පරිපාලන හා සහාය සේවා
9. - රාජ්‍ය පරිපාලනය, ආරක්‍ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය හා සමාජ ආරක්‍ෂණ සේවා
10. - වෙනත් සේවා
ඉහත ශීර්ෂ දහයට අදාළ ආර්ථික ක‍්‍රියාකාරකම්වල මූල්‍යමය වටිනාකම මූලික මිල අනුව සමස්ත එකතුකළ අගය වේ.
· ආයතනික අංශ වර්ගිකරණය අනුව ආර්ථික ක‍්‍රියාකාරකම්වල සංයුතිය.
· ආයතනික අංශයක් ( ඒකකයක් ) යනු සමස්ත ආර්ථිකය තුළ වත්කම් හිමිකර ගැනීම, වගකීම් දැරීම සෙසු ආයතනත් සමඟ ගනුදෙනුවලට සම්බන්ධවීමට හැකියාව ඇති ආර්ථික ඒකක ය.
· සමස්ත ආර්ථිකය යනු ගිණුම්කරණ කාල පරිච්ඡේදය තුළ සියලූ ම ආයතනික ඒකක නේවාසිකව කටයුතු කරන ආර්ථික ප‍්‍රදේශයක් ලෙස හඳුන්වයි. ආර්ථික ප‍්‍රදේශය යනුසඵල ආර්ථික පාලනයක් සහිත තනි ආණ්ඩුවක් යටතේ පුද්ගලයන්ට, භාණ්ඩවලට හා ප‍්‍රාග්ධනයට නිදහසේ සංචලනය විය හැකි භූගෝලීය ප‍්‍රදේශයකි.
· සමස්ත ආර්ථික ප‍්‍රදේශය තුළ සිටින ප‍්‍රධාන ආයතනික ඒකක පහකි.
- මූල්‍ය නොවන සමාගමික අංශය NFC
මේ යටතට ගැනෙන්නේ වෙළෙඳපොළ අරමුණු කරගත් නිෂ්පාදනයන්හිනිරත වන විවිධ සංස්ථා හා සමාගම් ය. මේ යටතට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම නිෂ්පාදන සමාගම් අයත්ය.
- මූල්‍ය සමාගමික අංශය FC
මූල්‍ය සේවා සැපයීම ප‍්‍රධාන අරමුණ කරගත් සංස්ථා හා සමාගම් මේ යටතට ගැනේ. මූල්‍ය අතරමැදි කටයුතු හා වෙනත් විශේෂිත භාණ්ඩ හා සේවා සැපයීම මෙම අංශයේ කාර්යභාරය වේ. මේ යටතට රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම සමාගම් අයත් ය.
- රාජ්‍ය අංශය GG
රාජ්‍ය අංශයට වෙළෙඳපොළ අරමුණු කර නොගත් පෞද්ගලික හා සාමූහික පරිභෝජනය සඳහා සේවා සපයන විවිධ රාජ්‍ය ආයතන මෙයට අයත් වේ.
නිදසුන් අධ්‍යාපනය, සෞඛ්‍ය, ආරක්ෂාව, පරිසරය සුරැකීම
- ලාභ අපේක්ෂාවෙන් තොර ව ගෘහ ඒකක සඳහා සේවා සපයන අංශය NPISH
නොමිලේ හෝ වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙන් හෝ ගෘහ ඒකක සඳහා සේවා සපයන ආයතන වේ. මෙම ආයතනයන්හි සේවකයින් හෝ සාමාජිකයින් ස්වේච්ඡා වෙන් තම ශ‍්‍රමය කැප කර යි.
නිදසුන් පුණ්‍ය ආයතන, ආගමික සංවිධාන, දේශපාලන පක්ෂ
- ගෘහ ඒකක HH ( කුටුම්බ අංශය )
තමන්ගේ ම පරිභෝජනය සඳහා සහ වෙළෙඳපොළ අරමුණු කොට ගෙන නිෂ්පාදන කටයුතුවල නිරත වන ගෘහ ඒකක මෙම අංශයට අයත් වේ. පාරිභෝගික හා නිෂ්පාදක දෙපිරිස ම මෙම ගෘහ අංශය තුළ සිටිති. ආගමික පූජ්‍ය පක්ෂය හා සිර ගත පිරිස් ද මීට අයත් ය.
· ඉහත නේවාසික ආයතනික ඒකක පහට අමතර ව නේවාසික නොවන කුටුම්බ හා සමාගමික අංශය ලෙස තවත් ආයතනික ඒකකයක් පවතී, එය අවශේෂ ලෝකය ROW ලෙස හඳුන්වයි.
· නිෂ්පාදන ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම් තක්සේරු කිරීම සඳහා විවිධ මිල ගණන් පවතින අතර ඒවා පහත දැක්වේ.
· මූලික මිල
· නිෂ්පාදකයන්ගේ මිල
· ගැනුම්කරුවන්ගේ මිල
· මූලික මිල යනු නිෂ්පාදකයා තම භාණ්ඩය හෝ සේවාව හෝ නිෂ්පාදනය කොට අලෙවි කිරීමට සූදානම් කොට ඇති අවස්ථාවක දී එම භාණ්ඩය හෝ සේවාව සඳහා අදාළ මිල වේ. එනම් ගැනුම්කරුවන්ගෙන් නිෂ්පාදකයාට ලැබිය යුතු මිල මූලික මිල වශයෙන් හදුන්වයි. නිෂ්පාදකයා නිෂ්පාදනයේ දී ලබාගත් සහනාධාර මෙම මිලට ඇතුළත් වී ඇත.
නිදසුන් :- පොහොර සහනාධාරය
· ප‍්‍රවාහන වියදම් මූලික මිලට ඇතුළත් නොවන අතර ගැනුම්කරුවන් විසින්නිෂ්පාදකයාට ගෙවූ වෙන් කළ නොහැකි ප‍්‍රවාහන වියදම් මෙම මිලට ඇතුළත් වී තිබිමට ඉඩ ඇත.
· නිෂ්පාදිතය මත අය කරනු ලබන කිසි දු කිසිදු බද්දක් මූලික මිලට ඇතුළත් නොවේ.
· නිෂ්පාදිතය මත අය කරනු ලබන බදු හා නිෂ්පාදනය මත අයකරනු ලබන වෙනත් බදු අතර වෙනසක් පවතී.
· නිෂ්පාදිතය මත අය කරනු ලබන බදු නිෂ්පාදිත ඒකක මත රඳා පවතින අතර එය ඒකක හෝ ප‍්‍රතිශතක හෝ බද්දක් විය හැකි ය.
· නිෂ්පාදනය මත අය කරනු ලබන වෙනත් බදු, අය කරනු ලබන්නේ නිපදවනු ලබන භාණ්ඩය හෝ නිෂ්පාදකයාගේ ලාභය හෝ මත නොව නිෂ්පාදනයට අදාළ භූමිය, ස්ථාවර වත්කම්, සේවක සංඛ්‍යාව හෝ වෙනත් ආදළ ක‍්‍රියාකාරකම් යන ගනුදෙනුමතය.
නිදසුන් :-
- සේවක වැටුප් ප‍්‍රමාණයෙන් කිසියම් ප‍්‍රතිශතයක් භූමිය, ගොඩනැගිලි මත අය කරන බදු
- ව්‍යාපාරික හා වෘත්තීමය බලපත‍්‍ර ගාස්තු
- මුද්දර බදු
- වාහන සඳහා අයකරන බදු
- පරිසර දූෂණ ( විමෝචන ) බදු
- විදේශ සංචාර හා පේ‍්‍රෂණ මත අයකරන බදු
· නිෂ්පාදිතය මත ලබාදෙන සහනාධාර හා නිෂ්පාදනය මත ලබාදෙන වෙනත්සහනාධාර අතර වෙනසක් පැවතිය හැකි ය.
· නිෂ්පාදිතය මත ලබාදෙන සහනාධාර යනු නිෂ්පාදනය කරන භාණ්ඩය සඳහා ලබාදෙන සහනාධාර වේ. ඒවා ඒකක සහනාධාර හා ප‍්‍රතිශතක සහනාධාර වලින්යුක්ත වේ.
නිදසුන් :-
තේ. පොල්, රබර් වැනි බෝග සඳහා ලබාදෙන මූල්‍ය සහනාධාර
· නිෂ්පාදනය මත ලබාදෙන වෙනත් සහනාධාර යනුවෙන් අදහස් වන්නේ නිෂ්පාදන ක‍්‍රියාවලිය ආශ‍්‍රිත ක‍්‍රියාකාරකම් සඳහා ලබාදෙන සහනාධාර වේ.
නිදසුන් :-
- ආයතනයේ සේවක සංඛ්‍යාව මත ලබාදෙන සහනාධාර
- රැකියා ප‍්‍රවර්ධනය දිරිමත් කිරීම සඳහා ලබාදෙන සහනාධාර
- ශාරිරික දුබලතාවන්ගෙන් පෙළෙන පුද්ගලයන් සේවා නියුක්ත කිරීම දිරිමත් කිරීමට දෙන සහනාධාර
- පුහුණු කිරිමේ වැඩ සටහන් දිරිමත් කිරීමට දෙන සහනාධාර
- පරිසර දූෂණය අවම කිරීමට දෙන සහානධාර
- ප‍්‍රතිචක‍්‍රීයකරණය සඳහා ලබාදෙන සහනාධාර
· අදාළ කාලය තුළ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා තොගයෙහි වටිනාකම එම වර්ෂයේ පවත්නා මිලෙන් තක්සේරු කිරීමෙන් වර්තන මිල යටතේ දළ දේශීය නිෂ්පාදිතයේ අගය ලැබේ.
· අදාළ කාලය තුළ නිෂ්පාදිත භාණ්ඩ හා සේවා තොගයෙහි වටිනාකම කිසියම් පාදක වර්ෂයක මිලෙන් තක්සේරු කිරීම මගින් ලබාගන්නා අගය ස්ථාවර මිල මත දළ දේශීය නිෂ්පාදිතය ලෙස සැලකේ.
· දළ දේශීය නිෂ්පාදිතයේ අවධමනකය යනු පවත්නා මිලට දළ දේශීය නිෂ්පාදිතයේවටිනාකම සහ ස්ථාවර මිලට දළ දේශීය නිෂ්පාදිතය අතර අනුපාතික සම්බන්ධය යි.
MGM Resorts International completes acquisition of online gaming
ReplyDeleteMGM Resorts International (MGM) 아산 출장샵 is ready to complete 고양 출장안마 its acquisition 군산 출장마사지 of 창원 출장샵 online gaming software supplier, MGM Resorts 진주 출장마사지 International. The deal