Skip to main content
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.2 :- වෘත්තාකාර ප‍්‍රවාහය ආශ‍්‍රයෙන් ජාතික ගිණුම්කරණයේ විවිධ ප‍්‍රවේශ විග‍්‍රහ කරයි.

සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වයට දායක වන විවිධ අංශ, ආර්ථික කාරක නමින් හැදින්වේ. එම කාරක, සිවු වැදැරුම් වේ. ඒවා නම්,
1. කුටුම්බ අංශය
2. ව්‍යාපාරික අංශය
3. රාජ්‍ය අංශය
4. විදේශ අංශය

· කුටුම්බ අංශයේ ප‍්‍රධාන කාර්ය පහත දැක්වේ.
· ආර්ථිකයේ නිෂ්පාදන සාධකවලවල හිමිකාරිත්වය කුටුම්බ අංශය සතු වන අතර එම නිෂ්පාදන සාධක ව්‍යාපාරික අංශයට සැපයීම මගින්සාධක ආදායම් ඉපයීම.
· ව්‍යාපාරික අංශය නිපදවන භාණ්ඩ හා සේවා මිලට ගැනීම.
· ආර්ථිකයක ඉතිරි කිරිම් බිහි කිරීම.
· කුටුම්බ අංශය රජයට බදු ගෙවන අතර රජය මගින්සපයන පොදු සේවා පරිභෝජනය කිරීම.
· ව්‍යාපාරික අංශයේ ප‍්‍රධාන කාර්ය පහත දැක්වේ.
· කුටුම්බ අංශයෙන් නිෂ්පාදන සාධක මිලදී ගෙන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කිරීම.
· නිෂ්පාදන භාණ්ඩ විකුණා ආදායම් ලබයි.
· ව්‍යාපාර උපයන ලාභවලින් හිමිකරුවන්ට ලාභාංශ ද රජයට බදු කොටසක් ද ලබා දී ආයෝජනය කරයි.

රාජ්‍ය අංශයේ ප‍්‍රධාන කාර්ය පහත දැක්වේ.
· රජය විසින් අය කර ගනු ලබන බදු ආදායමෙන් මහජනතාවට පොදු භාණ්ඩ සුභසාධන භාණ්ඩ හා සේවා සැපයීම
· ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, පරිසරය සුරැකීම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි සේවා සැපයීම.
· මහාමාර්ග, සන්නිවේදනය වැනි ආර්ථික පොදු කාර්ය ප‍්‍රාග්ධනය ද සැපයීම.
· කුටුම්බවලට පාරිභෝගික සහනාධාරත් ව්‍යාපාරික අංශවලට නිෂ්පාදන සහනාධාරත් සැපයීම.
· විදේශ අංශයේ ප‍්‍රධාන කාර්යය පහත දැක්වේ.
· භාණ්ඩ හා සේවා ආනයනය හා අපනයනය කිරීම.
· විදේශ සාධක ආදායම් ලැබීම් හා ගෙවීම් සිදු කිරීම.




· ඉහත රූප සටහන ඇසුරින් ජාතික ගිණුම්කරණයේ ප‍්‍රවේශ තුන අංශ දෙකක් පමණක් ඇති (සරල ) ආර්ථිකයක වෘත්තාකාර ප‍්‍රවාහය ඇසුරෙන් පහත ස`දහන් පරිදි කළ හැකි ය.
· කුටුම්බ අංශයෙන් ලබාගත් නිෂ්පාදන සාධක සංයෝග කොට ව්‍යාපාරික අංශය විසින් භාණ්ඩ හා සේවා නිපදවන අතර එය ජාතික ගිණුම්කරණයට අදාළව නිෂ්පාදන ප‍්‍රවේශය වේ.
· ව්‍යාපාරික අංශය නිෂ්පාදන සාධක කුටුම්බ අංශයෙන් මිල දී ගන්නා විට කුටුම්බ අංශය වෙත සාධක ආදායම් ප‍්‍රවාහයක් ගමන් කරයි. එය ජාතික ගිණුම්කරණයේ ආදායම් ප‍්‍රවේශය වේ.

· ව්‍යාපාරික අංශය නිපදවනු ලබන නිෂ්පාදන භාණ්ඩ හා සේවා මිල දී ගැනීමට කුටුම්බ අංශය දරන වියදම් ජාතික ගිණුම්කරණයේ වියදම් ප‍්‍රවේශය වේ.

Comments

Popular posts from this blog

05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.1 :- සාර්ව ආර්ථික අරමුණු සාර්ව ආර්ථික ගැටලූ සහ සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විමසයි. අපේක්ෂිත ඉගෙනුම් පල :- සාර්ව ආර්ථික අරමුණු සහ සාර්ව ආර්ථික විචල්‍ය නම් කරයි. සාර්ව ආර්ථික ගැටලූ විස්තර කරයි. ව්‍යාපාර චක‍්‍රය හඳුන්වයි. ව්‍යාපාර චක‍්‍රයක විවිධ අදියර හඳුන්වයි. ව්‍යාපාර චක‍්‍ර ඇසුරෙන් ආර්ථික උච්චාවචන පැහැදිලි කරයි. සාර්ව ආර්ථික ප‍්‍රතිපත්ති විස්තර කරයි. · සමාජයක් විසින් සමස්ත ආර්ථික ක‍්‍රියාකාරිත්වය තුළින් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන විවිධ අරමුණු සාර්ව ආර්ථික අරමුණු වශයෙන් හැඳින්වේ. · සාර්ව ආර්ථික අරමුණු පහත සඳහන් පරිදි දැක්විය හැකි ය · පූර්ණ සේවා නියුක්තිය · ආර්ථික ස්ථායිතාව · සාධාරණත්වය · ආර්ථික වර්ධනය · තිරසර සංවර්ධනය · සමස්ත ආර්ථිකයේ ක‍්‍රියාකාරිත්වයට බලපෑම් කරන මූලික විචල්‍යන් සාර්ව ආර්ථික විචල්‍යන්වේ. · සාර්ව ආර්ථික විචල්‍යයන් සදහා නිදසුන් පහත පරිදි දැක්විය හැකි යx · සමස්ත නිමවුම · සේවා නියුක්තිය · පොදු මිල මට්ටම · විනිමය අනුපාතිකය · පො...
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.5 :- ආදායම් ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදනය ඇස්තමේන්තු කරන ආකාරය ආශ‍්‍රිත සංකල්ප විමසයි. ඉගෙනුම් පල :- දේශීය ආදායම් මූලාශ‍්‍රය විස්තර කරයි. ශී‍්‍ර ලංකාවේ දළ දේශීය ආදායම් සංරචක දක්වයි. ආදායම් ප‍්‍රවේශය ආශි‍්‍රත සංකල්ප විස්තර කරයි. විෂය කරුණු:- · නිෂ්පාදන ක‍්‍රියාවලියේ දී එයට දායක වූ සියලූ ම නිෂ්පාදන සාධක ඉපයීම් එකතුකළ විට, ආදායම් ප‍්‍රවේශය යටතේ දේශීය ආදායම තක්සේරු කළ හැකි ය. · සාධක ආදායම් ප‍්‍රධාන මූලාශ‍්‍ර5ක් යටතේ වර්ග කළ හැකි අතර එය පහත දැක්වේ. සේවා නියුක්තිකයන්ගේ ආදායම් බදු කුලී ආදායම් ශුද්ධ පොළී ආදායම් සමාගම් ලාභ ස්වයං සේවා නියුක්ති ආදායම් / මිශ‍්‍ර ආදායම් · සේවා නියුක්ති ආදායම් වශයෙන් සලකනු ලබන්නේ නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා ශ‍්‍රමය සැපයිම වෙනුවෙන් ලබන ඉපයීම් වේ. මෙම ඉපයීම් ප‍්‍රධාන කොටස් 3ක්යටතේ වර්ග කළ හැකි ය. වැටුප් / වේතන සමාජ සංරක්ෂණ ක‍්‍රම සඳහා සේවා යෝජකයන් කරන ගෙවීම් සේවා නියුක්තිකයන්ට ලැබෙන රක්ෂණ සේවා, සෞඛ්‍ය පහසුකම් , ආපදා දීමනා, කම්...
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.4 :- නිෂ්පාදන ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ඒ ආශ‍්‍රිත සංකල්ප විග‍්‍රහ කරයි. අපේක්ෂිත ඉගෙනුම් පල :- · නිෂ්පාදන ඉම පැහැදිලි කරයි. · නිෂ්පාදන ඉම තුළ ඇතුළත් කළ යුතු හා බැහැර කළ යුතු අයිතම පැහැදිලිකරයි. · ශ‍්‍රි ලංකාවේ සම්මත කර්මාන්ත කටයුතු ආශ‍්‍රයයෙන් ආර්ථික ක‍්‍රියාකාරකම් හදුන්වයි. · ආයතනික අංශ අනුව ආර්ථික ක‍්‍රියාකාරකම් වල සංයුතිය විස්තර කරයි. · වටිනාකම් තක්සේරු කිරිමේ විවිධ මිල ගණන් නම් කරයි. · මූලික මිල, නිෂ්පාදකයාගේ මිල හා ගැනුම්කරුගේ මිල යන සංකල්ප නිදසුන්ආශ‍්‍රයයෙන් විස්තර කරයි. · වෙළෙඳපොළ මිල අනුව දළ දේශීය නිෂ්පාදිතය සහ දළ ජාතික ආදායම යන සංකල්ප විස්තර කරයි. · ශ‍්‍රි ලංකාවේ කර්මාන්ත ශාලා නිෂ්පාදිත දර්ශකයේ සංයුතිය දක්වයි. · නිමවුම් ප‍්‍රවේශය ආශ‍්‍රිත සංකල්ප පැහැදිලි කරයි. විෂය කරුණු :- · නිෂ්පාදන ඉම( Production boundary) සංකල්පය භාවිත කරනුයේ ආර්ථික නිෂ්පාදන ක‍්‍රියාකාරකම් සහ ආර්ථික නොවන නිෂ්පාදන ක‍්‍රියාකාරකම් වෙන්කර අර්ථ ...