05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.7 ජාතික ගිණුම්කරණයේ වැදගත්කම හා ජාතික ගිණුම්කරණයේ සීමා විග‍්‍රහ කරයි.
ඉගෙනුම් පල :-
ජාතික ගිණුම්කරණයේ වැදගත්කම විස්තර කරයි.
ජාතික ගිණුම්කරණයේ සීමා ඉදිරිපත් කරයි.
හරිත දළ දේශීය නිෂ්පාදිතය යන සංකල්පය නිදසුන් ආශ‍්‍රයයෙන් විස්තර කරයි.
විෂය කරුණු :-
· නිමැවුම්, ආදායම් හා වියදම් යන ත‍්‍රිවිධ ප‍්‍රවේශ යොදා ගනිමින් ජාතික ගිණුම් පිළියෙළ කර ලබා ගන්නා දත්ත ඉතා වැදගත් වේ. සමස්ත ආර්ථිකයේ ව්‍යූහය, සාධනය හා හැසිරීම අවබෝධ කර ගැනීමට හා ආර්ථිකය කළමනාකරණය කර ගැනිමට ඵම දත්ත යොදා ගැනීමට හැකි වේ.
· ජාතික ගිණුම් දත්තවල ප‍්‍රධාන භාවිත කිහිපයක් පහත දැක්වේ.
- ආර්ථිකයේ කාර්ය සාධනය ඇගයීමට යොදා ගැනීම.
- ආර්ථික වෘද්ධිය මැනීම.
- ඵ්ක පුද්ගල ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම.
- ආර්ථිකයේ ව්‍යූහමය ලක්‍ෂණ අනාවරණය කර ගත හැකි වීම.
- කාර්යාත්මක ආදායම් ව්‍යාප්තිය අනාවරණය වීම.
- අන්තර්ජාතික සංසන්දනයන් ස`දහා භාවිත කළ හැකි වීම.
- ආර්ථික කාරක අතර ශි‍්‍රතාත්මක සම්බන්ධතා හ`දුනා ගත හැකි වීම.
- සම්පත් සංයුතිය හා උපයෝජනය අනාවරණය වීම.
- ආර්ථික කළමනාකරණය ස`දහා තොරතුරු ලබා ගත හැකි වීම.
- සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පුරෝකථනය කළ හැකි වීම.
· ජාතික ගිණුම් දත්ත පිළියෙළ කිරිමේ දී පහත සඳහන් සීමා පවතී.
· ආර්ථිකයේ ඇතැම් ඵලදායි ගනුදෙනු ජාතික ගිණුම්කරණයේ දී ඇතුළත් නොකෙරේ. ඒවා නම්,
· ගෘහ ඒකකය තුළ සිදු වන භාණ්ඩ නිෂ්පාදන ක‍්‍රියාකාරකම් ජාතික ගිණුම් සඳහා ඇතුළත්කළ ද ගෘහ ඒකකයේ සාමාජිකයන් තමන්ගේ ම පෞද්ගලික පරිභෝජනය සඳහා ඉටුකරනු ලබන සේවා ආර්ථික නිෂ්පාදන ක‍්‍රියා ලෙස නොසලකන බැවින් ජාතික ගිණුම් සඳහා ඇතුළත් නොකෙරේ. (ගෙවීමකින් තොර ව නිවස තුළ ඉටු කරනු ලබන සේවා)
· ගෘහණියන්ගේ සේවය ජාතික ගිණුම්වලට ඇතුළත් නොවීම.
· නොවිධිමත් ආර්ථිකය තුළ සිදුවන එලදායී නිෂ්පාදන ජාතික නිෂ්පාදිතයට ඇතුළත් නොවීම.
· නිෂ්පාදනය හේතුවෙන් පාරිසරික සම්පත්වලට සිදුවන හානිය සැලකිල්ලට නොගැනීම.
· රාජ්‍ය සේවා වල එලදායීතාවයේ ඇති වන වෙනස් වීම් සැලකිල්ලට නොගැනීම.
· විවේකයෙන් පුද්ගලයන් ලබන සතුට ජාතික ගිණුම් තුළ ඇතුළත් නොවීම.
· රාජ්‍ය ණය පොලී ජාතික නිෂ්පාදිතය ගණනය කිරීමේදී සැලකිල්ලට නොගැනීම.
· කල් පවත්නා ඇතැම් පරිභෝජන භාණ්ඩ ආයෝජනයක් ලෙස සලකා ජාතික ගිණුම් තුළ ඇතුලත් නොකිරීම.
· ජාතික ගිණුම් සැකසීමේ දී සැඟවුණු ආර්ථික කටයුතු හා නීත්‍යනුකූල නොවන ආර්ථික කටයුතු ඇතුළත් විය යුතු වුව ද තොරතුරු සැපයීම හා නීති-රීති මඟහැරීම නිසා විධිමත් ගණනය
කිරීමක් සිදු නොවේ.
· හරිත ජාතික ගිණුම්කරණය තිරසර සංවර්ධනය තිරසර සංවර්ධනය හා බැඳුණු සංකල්පයකි.
· නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට ප‍්‍රතිලාභ අත්වන අවස්ථා පවතියි.
නිදසුන්
- වන වගාව
- කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය
- අපවිත‍්‍ර ජලය පිරිසිදු කර ප‍්‍රයෝජනයට ගැනීම
· නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට හානි සිදු වන අවස්ථා පවතියි.
නිදසුන්
- ඕසෝන් ස්තරය විනාශ වීම
- වෙරළ ඛාදනය
- පාංශු හායනය
- ජලජ පැළෑටි හා ජිවින් විනාශ වීම
- වන විනාශය
· මෙලෙස නිෂ්පාදන කටයුතු නිසා පරිසරයට සිදු වන ප‍්‍රතිලාභ හා හානි තක්සේරු කරමින් ජාතික ගිණුම් සකස් කිරීම හරිත ජාතික ගිණුම්කරණය ලෙස හැඳින්වේ.
· හරිත දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරිමේ දී නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට ලැබෙන ප‍්‍රතිලාභ එකතු කරන අතර නිෂ්පාදන කටයුතුවල දී පරිසරයට වන හානිය තක්සේරු කිරීමෙන්ලැබෙන අගය අඩු කරනු ලබයි.
Comments
Post a Comment