05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.3 :- නිමැවුම් ප‍්‍රවේශයට අනුව ජාතික ගිණුම් සකස් කිරීමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
අපේක්ෂිත ඉගෙනුම් පල :-
· බහු ගණන දෝෂය ම`ග හරවා ගැනීමේ ක‍්‍රම නම් කරයි.
· අවසාන නිමැවුම් ක‍්‍රමය පැහැදිලි කර, එම ක‍්‍රමය යටතේ ජාතික ගිණුම් සකස් කරන ආකාරය ඉදිරිපත් කරයි.
· එකතු කළ වටිනාකම් ක‍්‍රමය පැහැදිලි කර, එම ක‍්‍රමය යටතේ ජාතික ගිණුම් සකස්කරන ආකාරය ඉදිරිපත් කරයි.
· දළ නිමැවුමේ වටිනාකම සහ අතරමැදි යෙදවුම් වටිනාකම යන සංකල්පය විස්තර කරයි.
· නිෂ්පාදන ප‍්‍රවේශය ඔස්සේ ප‍්‍රධෘන වශයෙන් සිදු වන්නේ දළ දේශීය නිෂ්පාදිතය ගණනය කිරීම යි. දළ දේශීය නිෂ්පාදිතය යනු කිසියම් කාල පරිච්ෙඡ්දයක් තුළ (සාමාන්‍යයෙන් වර්ෂයක් වැනි කාල සීමාවක් තුළ) රටක ආර්ථික ප‍්‍රදේශය ඇතුළත නිෂ්පාදනය කරන ලද සියලූ ම අවසාන භාණ්ඩ හා සේවාවල වටිනාකම යි.
· නිමැවුම් ප‍්‍රවේශයට අනුව දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීමේ දී එක ම භාණ්ඩයේ වටිනාකම කිහිප වරක් එකතු වීමෙන් නිෂ්පාදිතයේ අගය අධිතක්සේරුවට ලක් වේ. මෙලෙස එක ම භාණ්ඩ වටිනාකම කිහිප වරක් නිෂ්පාදිතයේ අගයට ඇතුළත්වීම බහුගණන දෝෂය ලෙස හ`දුන්වයි.
· මේ නිසා බහුගණන දෝෂය ම`ග හරවා ගැනීම සඳහා සමස්ත නිෂ්පාදිතය ගණනය කිරිමේ ක‍්‍රම දෙකක් පවතී.
1 අවසාන නිෂ්පාදිත ක‍්‍රමය
2 එකතු කළ වටිනාකම් ක‍්‍රමය
· අවසාන නිෂ්පාදිත ක‍්‍රමයට නිෂ්පාදිතය ගණනය කළ ද දළ එකතු කළ වටිනාකම් ක‍්‍රමයට ගණනය කළ ද ඒ සඳහා ලැබෙන අගය සමාන විය යුතු ය.
· නිෂ්පාදිත ක‍්‍රියාවලියේ අවසාන අදියර පසු කළ, එනම් තවදුරටත් සකස් කිරීමෙන් තොරව පරිභෝජනය හෝ ආයෝජනය හෝ සඳහා යොදාගත හැකි භාණ්ඩ හෝ සේවා පමණක් ජාතික ගිණුම්වලට ඇතුළත් කිරීම අවසාන නිෂ්පාදිත ක‍්‍රමය යි.
· අවසාන නිෂ්පාදිත ක‍්‍රමයට අනුව සමස්ත නිෂ්පාදිතය ගණනය කරනුයේ පරිභෝජන භාණ්ඩ හා ප‍්‍රාග්ධන භාණ්ඩවල නිෂ්පාදනයේ එකතුවට තොග වෙනස් වීම් ගැළපීමෙනි.
· බහුගණන දෝෂ මඟහැරවීමට අවසාන නිමවුම් ක‍්‍රමය භාවිත කළ ද එහි ද ගැටලු පවතී.
එනම් ඇතැම් විට පාරිභෝගික භාණ්ඩ හා අන්තර් භාණ්ඩ වෙන් කොට හඳුනා ගැනීමේ දුෂ්කරතා පැවතීම යි.
නිදසුන්
සීනි අවසාන පාරිභෝගික භාණ්ඩයක් වුව ද රස කැවිලි නිෂ්පාදකයාට එය අන්තර් භාණ්ඩයක් විය හැකි ය.
· අවසාන නිමවුම් ක‍්‍රමයේ පවතින මෙම ගැටලු තත්ත්ව මඟහරවන නිමැවුම තක්සේරු කිරීමේ වඩාත් සුදුසු ම ක‍්‍රමය වන්නේ එකතු කළ වටිනාකම් ක‍්‍රමය යි.
· නිෂ්පාදනය කරන ලද භාණ්ඩ හා සේවාවල මූල්‍යමය වටිනාකම නිමැවුමේ දළ වටිනාකම ලෙස හඳුන්වයි. (GVO)
· නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා පිටතින් මිල දී ගනු ලබන භාණ්ඩ හා සේවා අතරමැදි යෙදවුම් ලෙස හඳුන්වයි.
· නිෂ්පාදිතයේ එකතු කළ වටිනාකම යනු (GVA) භාණ්ඩවල හා සේවාවල නිමැවුමේ දළ වටිනාකමින් (GVO) අතරමැදි යෙදවුම්වල (අතරමැදි පරිභෝජනය) වටිනාකම අඩු කළ විට ලැබෙන අගය වේ.
· නිෂ්පාදිතයේ එකතු කළ වටිනාකම ගණනය කළ හැකි ආකාර දෙකකි.
නිෂ්පාදන මූලාශ‍්‍රය
ආදායම් මූලාශ‍්‍රය
· නිෂ්පාදන මූලාශ‍්‍රය අනුව එකතු කළ අගය ගණනය කරනුයේ නිමවුමේ වටිනාකමින්පිටතින් ලබා ගත් සියලුම යෙදවුම්වල වටිනාකම අඩු කිරීමෙනි .
· ආදායම් මූලාශ‍්‍රය අනුව එකතු කළ අගය ගණනය කරනුයේ නිෂ්පාදන ක‍්‍රියාවලියට සහභාගි වන සියලූ ම නිෂ්පාදන සාධකවලට ලැබෙන සාධක ආදායම් සහ ස්ථාවර ප‍්‍රාග්ධනය උපයෝජනය කිරීමෙන් හට ගන්නා ක්ෂය වීම් එකතු කිරීමෙනි.
Comments
Post a Comment