05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.
5.6 :-වියදම් ප‍්‍රවේශය යටතේ දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු කරන ආකාරය සහ ආශ‍්‍රිත සංකල්ප විමසයි.
ඉගෙනුම් පල :-
- දළ දේශීය වියදම පැහැදිලි කරයි.
- දළ දේශීය වියදමේ සංරචක නම් කරමින් විස්තර කරයි.
- දළ දේශීය වියදම ගණනය කරයි.
- දළ දේශීය නිෂ්පාදිතය ගණනය කරයි.
- දළ ජාතික ආදායම ගණනය කරයි.
- වියදම් ප‍්‍රවේශය ආශි‍්‍රත සංකල්ප විස්තර කරයි.
විෂය කරුණු:-
· වියදම් ප‍්‍රවේශය ඔස්සේ දළ දේශීය නිෂ්පාදනය ගණනය කරනුයේ ආර්ථිකයේ යම් කාලපරිච්ජේදයක දී නිෂ්පාදිතය මිල දී ගැනීම සඳහා කරන මුළු වියදම ගණනය කිරීමෙනි.
· දළ දේශීය වියදමේ මූලාශ‍්‍රය ස්වරූප තුනකින් පවතින අතර එනම්,
- කුටුම්බ පරිභෝජන වියදම
- රාජ්‍ය පරිභෝජන වියදම
- දළ ආයෝජන වියදම
· පරිභෝජන වියදම් ප‍්‍රධාන කොටස් 02 කොටස් දෙකකි.
- අවසාන පරිභෝජන වියදම - Final consumption expenditure
- සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම- Actual Final consumption expenditure
· අවසාන පරිභෝජන වියදම යනු භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීමට කරනුලබන වියදම් වේ.
· සත්‍ය සුනිශ්චිත පරිභෝජන වියදම සැබැවින් ම භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනිම සඳහා වියදම් කරන්නේ කවරෙක් ද යන්න නොසලකා ගණනය කරන වියදම යි.
· එසේ වන්නේ සැම විට ම වියදම් දරන්නා හා පරිභෝජනය කරන්නා එකම පුද්ගලයකු නොවන නිසා ය. (නිදසුන් රජයේ සෞඛ්‍ය සේවය මගින්පාරිභෝගිකයා ලබන වාසිය)
· අවසාන පරිභෝජන වියදම් පෞද්ගලික පරිභෝජන වියදම් හා ( Private Consumption)
පොදු පරිභෝජන (රාජ්‍ය) වියදම වශයෙන් වර්ග දෙකකට වෙන් කළ හැකි වේ. (Government Consumption)
· පෞද්ගලික පරිභෝජන වියදම යනු කුටුම්බ පරිභෝජන වියදම් හා ලාභ නොලබා ගෘහ ඒකකවලට සේවා සපයන ආයතන ලබා දෙන සේවාවල( NPISH) එකතුවයි.
· විදේශ රටවලින් කුටුම්බ වෙත ලැබෙන ත්‍යාග ආදිය ද පෞද්ගලික පරිභෝජනයට ඇතුළත් වේ.
· පොදු පරිභෝජන වියදම් ( රාජ්‍ය මිල දී ගැනීම්) යනු මධ්‍යම රජය හා එහි උප ආයතන භාණ්ඩ හා සේවා මිලදී ගැනීම් සඳහා දරන වියදම යි.
· පොදු රාජ්‍ය පරිභෝජන වියදම නැවත පුද්ගල පරිභෝජන වියදම ( Individual Consumption Expenditure) හා සමූහ පරිභෝජන වියදම ලෙස කොටස්2කට වර්ග කෙරේ.(Collective Consumption Expenditure)
· රජය විසින් කරනු ලබන පුද්ගල පරිභෝජන වියදම් ලෙස අධ්‍යාපන. සෞඛ්‍ය, සමාජ ආරක්ෂණ වියදම්. සුභසාධන, ක‍්‍රීඩා හා විනෝදය සඳහා කරන වියදම් ඇතුළත් වේ.
· රජය විසින් කරනු ලබන සමූහ පරිභෝජන වියදම් සඳහා ආරක්ෂණ වියදම් රාජ්‍ය පරිපාලන වියදම්, දුම්රිය හා මහාමාර්ග සඳහා කරන වියදම් ඇතුළත් වේ.
· නිෂ්පාදන ක‍්‍රියාවලිය සඳහා භාවිත වන යන්ත‍්‍ර සූත‍්‍ර, මෙවලම්, ගොඩනැගිලි, කර්මාන්ත ශාලා හා පවත්නා තොග ප‍්‍රාග්ධන සම්පාදනය ලෙස සලකයි. මේවා නිෂ්පාදන සාධකවලට අයත් වේ. වසරකට වඩා වැඩි කාලයක් භාවිත කළ හැකි( දිගු කාලීනව) නිෂ්පාදන ක‍්‍රියාවලියට දායක වන භාණ්ඩ රටක දළ දේශීය ප‍්‍රාග්ධන සම්පාදනය (දළ ආයෝජන වියදම)යි.
· දළ දේශීය ප‍්‍රාග්ධන සම්පාදනය යනු, දේශීය ආර්ථිකයට එකතු වන දිගුකාලීන ප‍්‍රාග්ධන භාණ්ඩවල එකතුව යි. එහි ප‍්‍රාග්ධන ක්‍ෂය වීම් ද ඇතුළත් වේ.
· ශුද්ධ දේශීය ප‍්‍රාග්ධන සම්පාදනය යනු දළ ප‍්‍රාග්ධන සම්පාදනයෙන් ස්ථාවර ප‍්‍රාග්ධන පරිභෝජනය අඩු කළ විට ලැබෙන අගය වේ.
· දළ දේශීය ප‍්‍රාග්ධන සම්පාදනය ප‍්‍රධාන කොටස් 3කින් සමන්විත වේ.
- දළ දේශීය ස්ථාවර ප‍්‍රාග්ධන සම්පාදනය
- තොග වෙනස් වීම්
- වටිනාකම්හි වෙනස් වීම් ( රන්රිදී මුතු මැණික් ආදි වටිනා දේවල් අත්පත් කර ගැනීම් හා විකිණීම) නිසා සිදුවන වෙනස වටිනාකමේ වෙනස වේ.
Comments
Post a Comment