05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි. 5.7 ජාතික ගිණුම්කරණයේ වැදගත්කම හා ජාතික ගිණුම්කරණයේ සීමා විග‍්‍රහ කරයි. ඉගෙනුම් පල :- ජාතික ගිණුම්කරණයේ වැදගත්කම විස්තර කරයි. ජාතික ගිණුම්කරණයේ සීමා ඉදිරිපත් කරයි. හරිත දළ දේශීය නිෂ්පාදිතය යන සංකල්පය නිදසුන් ආශ‍්‍රයයෙන් විස්තර කරයි. විෂය කරුණු :- · නිමැවුම්, ආදායම් හා වියදම් යන ත‍්‍රිවිධ ප‍්‍රවේශ යොදා ගනිමින් ජාතික ගිණුම් පිළියෙළ කර ලබා ගන්නා දත්ත ඉතා වැදගත් වේ. සමස්ත ආර්ථිකයේ ව්‍යූහය, සාධනය හා හැසිරීම අවබෝධ කර ගැනීමට හා ආර්ථිකය කළමනාකරණය කර ගැනිමට ඵම දත්ත යොදා ගැනීමට හැකි වේ. · ජාතික ගිණුම් දත්තවල ප‍්‍රධාන භාවිත කිහිපයක් පහත දැක්වේ. ආර්ථිකයේ කාර්ය සාධනය ඇගයීමට යොදා ගැනීම. ආර්ථික වෘද්ධිය මැනීම. ඵ්ක පුද්ගල ජාතික නිෂ්පාදිතය ඇස්තමේන්තු කිරීම. ආර්ථිකයේ ව්‍යූහමය ලක්‍ෂණ අනාවරණය කර ගත හැකි වීම. කාර්යාත්මක ආදායම් ව්‍යාප්තිය අනාවරණය වීම. අන්තර්ජාතික සංසන්දනයන් ස`දහා භාවිත කළ හැකි වීම. ආර්ථික කාරක අතර ශි‍්‍රතාත්මක සම්බන්ධතා හ`දුනා ගත හැකි වීම. සම්පත් සංයුතිය හා...
05 :- සාර්ව ආර්ථික ක‍්‍රියාකාරිත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගිණුම් සකස් කිරිමේ සූදානම ප‍්‍රදර්ශනය කරයි.